කඩුල්ලට පයින් ගසා දැවී ගිය රාහුල් වාර්තා පොත් අතරට එක්වෙයි..

270

ශ්‍රී ලංකාවේ අවසන් මහා තරග බලාපොරොත්තුව තවදුරටත් වැට උඩ සටනක්‌ බවට පත්කළ ඉන්දියානුවන් නිදහස්‌ කුසලාන විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ ඊයේ (12 දා) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩලු 06 ක ජයක්‌ ලැබීමට සමත් විය.

ඒ සමග ඉන්දියානුවන් ප්‍රසාද ලකුණු සටහනේ පූර්ණ ජයග්‍රහණ දෙකක්‌ සමග ලකුණු 4 ක්‌ ලබා පළමු තැනට පත්විය.

ඉන්දියානු කණ්ඩායමේ කඩුලු 04ක් ලකුණු 85ක් තුළ දවා ගැනීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුවත් මනීෂ් පාන්ඩේ හා දිනේෂ් කාර්තික් එක්ව ඉන්දියානු කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය

එහිදී ඉන්දියානු කණ්ඩායමේ පිතිකරු ලෝකේෂ් රාහුල් ජීවන් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ආරක්ෂාකාරී පහරක් ගැසීමට යෑමේදී සිය පසුපස පාදය කඩුල්ලේ වැදීම හේතුවෙන් දැවී ගිය අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී එසේ දැවීගිය(Hit Wicket) පළමු ඉන්දියානු පිතිකරුවා බවට රාහුල් පත්විය.

විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී Hit wicket ලෙස දැවී ගිය 10 වැනි පිතිකරුවා ලෙස ද රාහුල් වාර්තා අතරට එක්විය.

එක්දින තරගවලදී Hit wicket ලෙස දැවී යාම් අවස්ථා 65ක් වාර්තා වන අතර ටෙස්ට් තරගවලදී දැවී යාම් අවස්ථා 158ක් වාර්තා වෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here