ලිංගික විකෘතියක් වු සමලිංගිකත්වයට ලංකා රජය එකග වුනාද?

musamil

එක්සත් ජාතීන්ගේ  සංවිධානයේ කාරක සභාවකදී සමලිංගිකත්වයට පක්ෂව  ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

ඒ සඳහා පක්ෂව කැමැත්ත ප්‍රකාශ කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති වල වෙනසක්ද යන්න මේ වන විට ප්‍රශ්නයක් වී ඇති  බවද අද(31)  කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කර තිබේ.

මෙරට පවතින දණ්ඩ නීති සංග්‍රාහයට අනුව සමලිංගිකත්වය නීතියෙන්  තහනම් කර ඇති අතර,සමලිංගිකත්වය ශ්‍රී ලංකාව පිළිගන්නේ යැයි තීරණය කර ඇත්තේ   අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින්ද යන්න ප්‍රශ්න සහගත බවත්, එසේ නොමැතිනම් මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කමිටුවකින් ලබාගත් තීන්දුවක් යන්න පැහැදිලි නැති බවත් සදහන් කර තිබේ.

එසේම සමලිංගිකත්වය ලංකාව  පිළිගන්නා බව   රජිත සේනාරත්න, චම්පික  රණවක ඇතුළු කැබිනට් මණ්ඩයේදී ලබා ගත් තීරණයක්ද යන්න වගත්, එසේත්  නොමැතිනම් ජ.වි.පෙ. නායක අනුර කුමාර  දිසානායක මහතා සිටින ජාතික විධායක සභාවේදී ගන්තා වු තීරණයක්ද යන්න වගත්   ආණ්ඩුව වහාම ප්‍රකාශයක් නිකුත් කළ යුතුව ඇති බවද හෙතෙම එහිදී කියා සිටියේය.

තවද එක්සත් ජාතීන්ගේ අදාළ යෝජනාව සඳහා දකුණු ආසියවේ අනෙකුත් රටවල් විරුද්ධ වී ඇති බවත්, දකුණු ආසියාවෙන්ම ශ්‍රී ලංකාව පමණක් එම යෝජනාවට එකඟවී ඇති බවත් මුසම්මිල් මහතා එම අවස්ථාවේදී වැඩිදුරටත් සදහන් කර තිබේ.