තරගයේ පන්දුවාර අඩුවෙයි..සිංහ පිළ පන්දු බලඇණිය වැඩි කරයි..

526

නිදහස් කුසලාන තරගාවලියේ සිව්වැනි තරගය ලෙස ඉන්දියානු කන්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර තරගය අද ආර් පේ‍්‍රමදාස පිටියේදී රාත‍්‍රී 8.20ට පමණ ආරම්භ වීමට නියමිතව ඇත.

වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 19කට සීමා වූ අතර කාසිය වාසිය දිනාගත්  ඉන්දියා කණ්ඩායමේ නායකයා පළමුව පන්දු යැවිමට තීරණය කළේය.

ඉන්දියානු කන්ඩායමේ එක් වෙනස්කමක් සිදු කර ඇති අතර රිශාබ් පන්ත් වෙනුවට ලොකේෂ් රාහුල් කණ්ඩායමට කැදවා ඇත.

බංගලාදේශ කණ්ඩායම සමග පැවැති තරගයේ මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ට අද තරගය ඇතුලුව තරග දෙකක් අහිමි වී ඇති අතර ඒ හේතුවෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරාට හිමිවී ඇත.

චන්දිමාල් වෙනුවට ශ‍්‍රී ලංකා කණ්ඩායමට සුරංග ලක්මාල් කැදවා ඇත

ඉන්දියානු කණ්ඩායම..

1 Shikhar Dhawan, 2 Rohit Sharma (capt), 3 Suresh Raina, 4 Manish Pandey, 5 KL Rahul, 6 Dinesh Karthik (wk), 7 Vijay Shankar, 8 Washington Sundar, 9 Shardul Thakur, 10 Yuzvendra Chahal, 10 Jaydev Unadkat

ශ‍්‍රී ලංකා කණ්ඩායම..

1 Kusal Mendis, 2 Danushka Gunathilaka, 3 Kusal Perera (wk), 4 Dasun Shanaka, 5 Upul Tharanga, 6 Dushmantha Chameera , 7 Thisara Perera (capt), 8 Jeevan Mendis, 9 Akila Dananjaya, 10 Suranga Lakmal, 11 Nuwan Pradeep

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here