විලියර්ස්ගේ තල්ලුවෙන් අප‍්‍රිකාව එකට එක කරයි..චෝදනාවන්ට ලක්වූ රබාඩා තරගයේ වීරයා වෙයි..

197

සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම හා දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 06ක් විශිෂ්ට ජයක් හිමිකරගැනිමට දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අද සමත්විය.ඒ අනුව තරග 04කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-1ක් ලෙස දෙපිළම සම තත්වයේ පසුවෙයි..

කාසිය වාසිය දිනා පොල් එලිසබෙත් තණතීරුවේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියානු කන්ඩායමට අප‍්‍රිකානු ප‍්‍රබල පන්දු යවන්නන් හමුවේ සියලු දෙනා දැවී ලබා ගතහැකි වුයේ ලකුනු 243ක් පමනි.

කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 63ක් ලබා ගත් අතර කැමරන් බෙන්කොෆ්ට් ලකුණු 38ක් ලබා ගැනීමට සමත්විය.

අප‍්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමට නිරත වූ කාගීසෝ රබාඩා කැන්ගරු කඩුලු 05කට හිමිකම් කියු අතර ලුන්ගි සා නිගිඩි කඩුලු 03ක් හා වර්නන් ෆිලැන්ඩර් කඩුලු 02ක් බිද හෙළිය.

අනතුරුව සිය ප‍්‍රථම ඉනිම ක‍්‍රීඩා කළ අප‍්‍රිකානු කන්ඩායම සියලු දෙනා දැවී ලකුණු 382ක් රැුස් කිරීමට සමත්විය.එහීදී පොල් එළිසබෙත් ක‍්‍රිඩා පිටිය වර්ණවත් කරමින් සුපිරි ඉනිමක් දියත් කළ ඒ.බී.ඩිවිලියර්ස් නොදැවුණු ඉනිමක් ක‍්‍රීඩා කරමින් ලකුනු 126ක් රැස් කිරීමට සමත්විය.

පන්දු ක් 146ක් තුළ වාර්තා වූ එම ඉනිම එක් හයේ පහරකින් හා හතරේ පහර 20කින් වර්ණවත් විය.

ආරම්භක පිතිකරු ඩීන් එල්ගාර් ලකුණු 57ක් රැස් කළ අතර අවසන් භාගයේ පිටියට පැමිණි වර්නල් ෆිලැන්ඩර් හා කේෂව් මහරාජ් ඩිවිලියර්ස් අනගි සහයක් දෙමින් පිළිවෙලින් ලකුනු 36ක් හා30ක් රැස් කළේය.

පන්දු යැවීමේදී පැට් කමින්ස් කඩුලු 03ක් හා ජොස් හෙසල්වුඩ් කඩුලු 02ක් දවා ගත්තේය.

අප‍්‍රිකානු ප‍්‍රථම ඉනිමට වඩා ලකුනු 139ක් පිටුපසින් දෙවැනි ඉනිම ඇරඹු කැන්ගරුවන් ට සියලු දෙනා දැවී සිය දෙවැනි ඉනිමට රැස් කරගත හැකි වුයේ ලකුණු 239ක් පමණි.

යළිත් වරක් ප‍්‍රතිවාදීන් දැඩි තර්ජනයක් එල්ල කල රබාඩා ඔස්ටේ‍්‍රලියානුවන්ගේ කඩුලු 06ක් දවා ගනිමින් සුපිරි පන්දු යැවීමට නිරත වූ අතර නිගිඩි හා මහරාජ් කඩුලු 02 බැගින් බිද හෙළිය.

අනතුරුව ලකුණු 101ක පහසු ඉලක්කයක් හඹා ගිය අප‍්‍රිකානු කණ්ඩායම කඩුලු 04ක් දැවී තිබියදී සිය ජයග‍්‍රහණය තහවුරු කර ගත්හ.ඔස්ටේ‍්‍රලියානු පිතිකරුවන් දැවී ගිය පසු උද්වේගකර අයුරින් හැසිරීම හේතුවෙන්  මේ වන විටත් විනය විරෝධී හැසිරිම පිළිබඳ චෝදනාවකට ලක්ව සිටින කගීසෝ රබාඩාට තරගයේ වීරයා සම්මානය  හිමිවිය.

ඕස්ට්‍රේලියාව -පළමු ඉනිම 243 යි
(කැමරන් බැන්ක්‍රොෆ්ට් 38, ඬේවිඞ් වෝනර් 63, කගීසෝ රබාඩා 96/5,ලුන්ගි සා නිගිඩි 51/3 වර්නන් ෆිලැන්ඩර් 25/2)

දකුණු අප්‍රිකාව – පළමු ඉනිම 382 යි
(ඩීන් එල්ගා 57, ඒඞ්න් මාක්රාම් 11, කගීසෝ රබාඩා 11, හසිම් අම්ලා 56, ඒ. බී. ඩිවිලියර්ස් නොදැවී 126, වර්නන් ෆිලැන්ඩර් 36, කේෂව් මහාරාජ් 30, ජොෂ් හේසල්වුඞ් 98/2, පැට් කමින්ස් 79/3, මිචෙල් මාෂ් 26/2)

ඕස්ට්‍රේලියාව – දෙවැනි ඉනිම 239 යි
( උස්මන් කවාජා 75, ස්ටීවන් ස්මිත් 11, මිචෙල් මාෂ් 45,ටිම් පේයින් නොදැවී 28, කගීසෝ රබාඩා 54/6,ලුන්ගි සා නිගිඩි 24/2,කේෂව් මහාරාජ් 90/2

දකුණු අප්‍රිකාව – දෙවැනි ඉනිම කඩුලු 04කට 102යි
(ඒ.බී.ඩිවිලියර්ස් 28, හෂිම් අම්ලා 27, නෙදන් ලයන් 44/2)

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here