‘නාග නැටුම නැටුවේ හතුරුසිංහට පේන්න..එළිවෙනකම් පාටි දාලා’..බංගලි සිංහ ගැටුම උණුසුම් කළ සිදුවීමේ ඇත්ත?

496

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණයේ නියුමුවා වූ මුෂ්ෆිකර් රහීම් එවැනි ජයග්‍රාහී ඉනිමක් ක්‍රීඩා කළේ වත්මන් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට එකටඑක කිරීමට බව බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (10) පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිල මුලින්ම පන්දුවට පහරදෙමින් සිය පන්දුවාර 20 අවසානයේ රැස්කළ ලකුණු 214 පසුපස හඹා ගිය බංග්ලාදේශ පිල කඩුලු 5ක විශිෂ්ට ජයක් ලබා ගත්තේය.

බංග්ලාදේශ පිලේ එම ජයග්‍රහණයට විශේෂයෙන් දායකවූයේ හිටපු නායක මුෂ්ෆිකර් රහීම්ය.

ඔහු පන්දු 34කදී ලකුණු 72ක් නොදැවී ලබාගනිමින් බංග්ලාදේශයට විස්සයි 20 ඉතිහාසයේ වාර්තාගත ජයක් අත්කර දුන්නේය.

මීට මාස කිහිපයකට පෙර බංග්ලාදේශ පිල දකුණු අප්‍රිකාවේ කළ සංචාරයේ නායකත්වය දැරැවේ මුෂ්ෆිකර් රහීම්ය. එම සංචාරයේදී බංග්ලාදේශ පිලේ පුහුණුකරු වූයේ චන්දික හතුරුසිංහය.

බංග්ලාදේශ පිල එම සංචාරයේදි අතිශයින්ම අසාර්ථක වූ අතර කණ්ඩායම තුළ ද ප්‍රශ්න රැසක් හටගත්තේය.එහිදී හතුරුසිංහ හා මුෂ්ෆිකර් අතරද මත ගැටුම් හටගත් අතර හතුරුසංහගේ පැමිණිල්ලක් මත බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් මුෂ්ෆිකර් නායකත්වයෙන් නෙරපන්නට කටයුතු කරන ලදී.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා පිල පරාජයට පත් කළ අවස්ථාවේදී මුෂ්ෆිකර් නාග නැටුමක් රඟ දැක්වූයේද හතුරුසිංහට බව කියවේ.

තරග ජයග්‍රහණයෙන් පසුව සිය හෝටලයට ගිය බංග්ලාදේශ පිල අද හිමිදිරි පාන්දර දක්වාම සාද පැවැත්වූ බවද  වාර්තා වේ.

මේ වන විට නිත්‍ය පුහුණුකරුවකු නොමැති බංග්ලාදේශ පිලේ වැඩි දෙනෙකුට හතුරුසිංහ අරහං බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here