වේග පන්දු බළඇණියේ වෙනසක් සමගින් අද තරගයට ක‍්‍රීඩා කරන සිංහ පිළ මෙන්න..

728

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන නිදහස් කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර තීරණාත්මක තරගයක් අද ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සිටින නිසා මෙම තරගය කණ්ඩායම් දෙකටම සුවිශේෂී වන අතර අද තරගයේ ජය ගන්නා කණ්‌ඩායමට අවසන් මහා තරගය සඳහා වැඩි අවස්‌ථාවක්‌ උදාකර ගැනීමේ අවස්‌ථාව පවතී

ඉන්දියානු කණ්ඩායම අද තරගයට වෙනස්කමක් නොමැතිව සහභාගී වීමට නියමිත බව වාර්තා වන අතර බංගලදේශ කණ්ඩායමට එරෙහිව ක‍්‍රීඩා කළ ජයග‍්‍රාහී කණ්ඩායම ම ක‍්‍රීඩා කරයි.

අද තරගයට ක‍්‍රීඩා කළ හැකි ඉන්දියානු කණ්ඩායම..

1 Shikhar Dhawan, 2 Rohit Sharma (capt), 3 Suresh Raina, 4 Manish Pandey, 5 Rishabh Pant, 6 Dinesh Karthik (wk), 7 Vijay Shankar, 8 Washington Sundar, 9 Shardul Thakur, 10 Yuzvendra Chahal, 10 Jaydev Unadkat

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි 20 නායක දිනේෂ් චන්දිමාල්ට මන්දගාමී පන්දුවාර වේගය හේතුවෙන් නිදහස් කුසලාන තරගාවලියේ ඉදිරි තරග 02ක අහිමි වී ඇති අතර ඒ වෙනුවට දකුණත් පිතිකරු ධනංජයද සිල්වා කණ්ඩායමට කැදවා ඇත.

මීට අමතරව නුවන් ප‍්‍රදීප් හෝ දුෂ්මන්ත චමිර යන දෙදෙනාගෙන් එක් අයෙකු අද තරගයට ක‍්‍රීඩා කරන අතර සුරංග ලක්මාල් නැවත කණ්ඩායමට කැදවා ඇති බව වාර්තා වෙයි.

අද තරගයට ක‍්‍රීඩා කළ හැකි ශ‍්‍රී ලංකා කණ්ඩායම..

1 Kusal Mendis, 2 Danushka Gunathilaka, 3 Kusal Perera (wk), 4 Dananjaya de Silva, 5 Upul Tharanga, 6 Dasun Shanaka, 7 Thisara Perera (capt), 8 Jeevan Mendis, 9 Akila Dananjaya, 10 Suranga Lakmal, 11 Nuwan Pradeep/Dushmantha Chameera

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here