‘මගේ ප්ලේට් එකේ තිබුණු කිරිටොෆි කෑල්ල කන්න තරමි කෝලි නිහතමානියි..ලංකාවේ කිසිම ක‍්‍රීඩකයෙක් මට ආරාධනා කරලා නෑ’..ලංකාවේ අයට උණ ගැනෙන්න ගයාන් කියපු කතාව මෙන්න(VIDEO)

2760

ජාත්‍යන්තර මාද්‍ය විසින් වසරේ විවාහය ලෙස නම් කර තිබු විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මාගේ විවාහය හින්දු චාරිත්‍ර වලට අනුව ඉතාලියේදී පැවති අතර ඒ සඳහා ආරාධනා කර තිබුනේ පවුලේ හිතවතුන් සහ නෑදෑයන් කිහිප දෙනෙකුට පමණක් බව විදෙස් මාද්‍ය වාර්තා කර තිබෙන අකාරය දැකගත හැකි විය.

ඉන් පසුව යුවල ඉන්දියාවට පැමිණි පසුව පැවති ප්‍රිය සම්භාෂණයට ද ආරාධනා කර තිබුනේ ක්‍රිකට් ක්‍රීඩකයන් සහ නළු නිලියන් වැනි ලෝකයේම අවධානය දිනාගෙන සිටින සුවිශේෂී පිරිසකට වන අතර මෙම අවස්ථාවට සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් සුවිශේෂ පුද්ගලයෙකු ට අවසතාව ලැබිණි.ඒ ගයාන් සේනානායක හටයි

මේ පිළිබදව ශ්‍රී ලංකාවේ සමාජජාලා මාධ්‍ය වල පවා අතිශය කතාබහට ලක්වු අතර , සිය අත්දැකීම පිළිබදව ගයාන් සේනානායක මුද්‍රිත මාධ්‍ය සමග සාකච්ඡාවකට එක්වෙමින් හෙළිකර තිබුණා, එම අදහස් පහතින්,

“මම 2007 වසරේ ඉඳලයි කෝලිව හඳුනන්නේ. ඒ හැඳුනුම්කම එන්න එන්නම වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. ඉන්දියාව ලංකාවට එන අවස්ථාවේදීත් ලංකාව ඉන්දියාවට යන හැම අවස්ථාවකම ඉන්දියානු ටීම් එක මාත් එක්ක කතා කරනවා. ඒ අයගෙන් රෝහිත් ෂර්මා, විරාත් කෝලි, අජින්ක්‍යා රහනේ, පාන්ඩේ වගේ අය මාත් එක්ක සමීපයි. ඔවුන් සමඟ දිවා ආහාරය හෝ රාත්‍රි ආහාරය ගන්න කියලා හැම වේලෙම මට ආරාධනා කරනවා. ඉතින් පසුගිය ටෙස්ට් තරගාවලියේදී කෝලි මට හම්බවෙලා කිව්වා

“ගයාන්, මගේ වෙඩින් පාටි එකක ඔයාට ආරාධනා කරනවා. ඔයා එනවද” කියලා. කෝලිගේ ඉතාලි සංචාරයේදීත් මම ඔහුට සුබ පතලා කතා කළාම කෝලි මගෙන් ඇහුවා

“ඔයා අන්තිම වන්ඩේ (එක්දින තරගයට) එක වෙනකම් ඉන්නවද කියලා. මම කිව්වා ඉන්නවා කියලා. ඊට පස්සේ ඔහු මට මැසේජ් කරලා තිබුණා. බොහෝම හොඳයි මම ඔයාට මගේ වෙඩින් එකට ආරාධනා කරනවා. ඔයා ඉන්දියන් ටීම් එකත් එක්ක එන්න කියලා. ඊට පස්සේ කෝලි ඔහුගේ ටීම් එකේ මැනේජර් මට සම්බන්ධ කරලා පාටි එකට එන විදිය මට කිව්වා. මම මැනේජර්ට කෝල් කළාම එයා කිව්වා එයාල ඉන්න හෝටලයට එන්න කියලා. මම එතැනට ගියාම ඉන්දියානු ටීම් එකත් එක්ක කාර් හතරක අපි පාටි එකට ගියා. අයි.පී.එල්. ගහපු ක්‍රීඩකයන් දෙන්නකුයි, කුල්දීප් යාදව්, මනිෂ් පාන්ඩේ හා මමයි එක කාරෙකක ගියා. අනිත් ඉන්දියානු ක්‍රීඩකයන් අනෙක් කාර් තුනේ ගියා.

කොහොම හරි පාටි එකේදී කෝලි මම දැක්කම “ඒයි ගයාන් කොහොමද” කියලා මම ළඟට ඇවිල්ලා අනුෂ්කටත් මාව හඳුන්වලා දුන්නා. එහෙම හඳුන්වලා දීලා මගේ ෆෝන් එක ඉල්ලගෙන මම එක්ක  සෙල්ෆියකුත් ගත්තා. එතැන තහනමක් තිබුණා ජංගම දුරකතනවලින් ෆොටෝස් ගහන්න බැහැ කියලා. එහෙම තියෙද්දිත් අපි තුන් දෙනා සෙල්ෆියක් අරන් කිසිම ලොකුකමක් නැතිව කෝලි මාත් එක්ක ගොඩක් වෙලා ඩාන්ස් කළා.

ලංකාවෙන් ගිය එකම කෙනා ඔබ විතරද?

“ඔව්. ඒ විතරක් නොවෙයි ඒ පාටි එකට ගියේ විදේශිකයන් දෙන්නයි. එක්කෙනෙක් දැනට ඉන්දීය කණ්ඩායමේ භෞතික චිකිත්සක විදියට ඉන්න පැටි්‍රක්. අනිත් කෙනා මම. එතැන නළු නිළියෝ, හිටපු හා දැන් ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයෝ, දේශපාලනඥයෝ ගොඩක් දෙනෙක් හිටියා.”

“කෝලි මට වෙඩින් එකට ආරාධනා කරන බව මම මුලදිම දැනගෙන හිටියා. ඒක නිසා ඉන්දියාවෙන් කුලියට ඇඳුමක් ගන්න මම හිතුවත්, මගේ ඉන්දියානු යාළුවෙක් මේක අහලා මට බැන්නා. “ගයාන් ඔයා කුලියට ඇඳුමක් ගන්න එපා. මම ඔයාට ඇඳුමක් මහලා දෙන්නම් කියලා” එයා එයාගේ වියදමෙන් මට ඇඳුමක් මහලා දුන්නා. ඒ ඇඳුම දැකලා ඉන්දීය කණ්ඩායමේ ගොඩක් දෙනෙක් මගේ ළඟට ඇවිල්ලා “ඕ… ගයාන් යූ ආ ලුකින් ස්මාට්” කියලා කිව්වා. දැනට කණ්ඩායමේ නැති විරේන්ද්‍ර ෂේවාග්, සුරේෂ් රයිනා පවා මගෙත් එක්ක ෆෝන් එකෙන් කතා කරලා විස්තර අහලා එයාලගේ ගෙදර එන්න කියනවා. ඒ අයට කිසිම විදියක කරදරයක් නොවෙන විදියට ඉන්න නිසා වෙන්න ඇති ඉන්දීය ක්‍රීඩකයන් මට මෙච්චර ආදරේ. කොහොම වුණත් ලංකාවේ බොහෝ අයට කෝලි පේන්නෙ සතුරෙක් විදියට වුණත් සියලුම ඉන්දීය ක්‍රීඩකයන් හරි නිහතමානියි. ඔවුන් සෙල්ලම් කරද්දී දැඩි බවක් පෙන්නුවත් ක්‍රිකට් පිටියෙන් එහාට ගියාම ඔවුන් හරි හොඳ මහත්වරු. ඔවුන් අපි හොඳට සෙල්ලම් කළොත් අපේ ක්‍රීඩකයන්ට සුබ පතනවා. ඒ ඔවුන්ගේ හැටි. ඔය කාරණය ගැන මම කෝලිට කිව්වහම ඔහු අහිංසක විදියට හිනා වුණා.”

එක දවසක් රෝහිත් ෂර්මා අපිට දිවා ආහාරයක් සඳහා ආරාධනා කරලා තිබුණු වෙලාවක නිලාම්ගේ ගෙදරින් පණිවුඩයක් ආවා. තාත්තාට අසනීපයි පුළුවන් නම් එන්න කියලා. ඒක ඇහුණා විතරයි රෝහිත් ෂර්මා කිව්වා “ඔයා මාර එක්කෙනෙක්නෙ තාත්තා ලෙඩ වෙලත් මෙහෙ ඉන්නවද, ලංකාවට යන්න කියලා. මුම්බායි ඉඳන් ලංකාවට යන්න ටිකට් එකේ තියෙන්නේ 26 කියලා නිලාම් කිව්වහම රෝහිත් කිව්වා “ඒ ගැන හිතන්න එපා. මම ටිකට් එකක් බුක් කරලා දෙන්නම්” කියලා. ඊට පස්සේ රෝහිත් මට කිව්වා “ගයාන් ඔයා මෙයාගේ පාස්පෝට් ඩීටේල්ස් (විස්තර) ටික මගේ ෆෝන් එකට එවන්න කියලා. පස්සෙ රෝහිත් මගේ දුරකතනයට නිලාම්ගේ ටිකට් එක එවලා තිබුණා”

ලංකාවෙන් ගිය විශේෂිතම කෙනෙක් ඔයා. ඉන්දියානු ක්‍රීඩකයන් මෙහෙම ආරාධනා කළාට ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් කවුරුවත් ඔබට විවාහ උත්සවයක් වෙනුවෙන් ආරාධනා කරලා නැද්ද?

“නැහැ. මේ දක්වා ලංකාවේ කිසිම ක්‍රිකට් ක්‍රීඩකයකු මට වෙඩින් එකකට ආරාධනා කරලා නැහැ. ඒත් මම කෑගහන්නේ රට වෙනුවෙන් මිසක් ඒ අයගෙන් යමක් බලාගෙන නොවෙයි. කිසිමදාක මම එහෙම බලාපොරොත්තු වෙලත් නැහැ. වෙන්නෙත් නැහැ. ඉදිරියේදීත් මැරෙනකල් මම රට වෙනුවෙන් උපරිම දේ කරනවා”

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඔල්වරසන් දෙන මෙම පුද්ගලයා සමඟ ඇතැම් ක්‍රීඩකයන් සිනාසීමවත් නොකරන බව පසුගිය දිනවල සමාජ මාද්‍ය වල පලවී තිබු අතර සිද්දිය එසේ වෙද්දී ක්‍රීඩා පිටියේ දත් සියල්ල පෙනෙන්නට සිනා නොවුනද විරාත් කෝලි වැනි ක්‍රීඩකයන් අපගේ ඇතැම් ක්‍රීඩකයන්ට මෙන්ම මුල අමතක කරන බොහෝ දෙනාට හොඳ ආදර්ශයකි.

වීඩියෝව මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here