උසස්පෙළ ප‍්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න..

168

පසුගිය අගෝස්තු මස 08 වන දා සිට සැප්තැම්බර් මස 04 වන දා දක්වා පැවැත්වුණු උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 28 වනදා නිකුත් කිරීමට තීරණය වී තිබෙනවා.

විභාග කොමසාරිස් ජෙනරාල්වරයායි මේබව කියාසිටියේ.

පසුගිය අගෝස්තු මස 08 වන දා සිට සැප්තැම්බර් මස 04 වන දා දක්වා පැවැත්වුණු උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත වූ පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව දෙලක්ෂ 37,943ක්.

එමෙන්ම පෞද්ගලික අයදුම්කරුවන් 77,284ක් ඊට පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මෙවර උසස් පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2230ක හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 305ක් යටතේ පැවැත්වුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here