ඉන්දියානුවන්ට යළි බෝතල් ප‍්‍රහාර එල්ල වෙයිද? ‘තිසර’ කණ්ඩායමේ වගකීම උපුල්ට පවරයි..පිතිකරු පුහුණුකරු තිලාන්ට තුති පුදයි ..

950

ගෙවී යන වසරේ ජයග්‍රාහී ගොඩ වැඩිකර ගැනීමට අපොහොසත්ව සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම වසරේ අවසන්  තරගාවලිය සාර්ථක කර ගැනීමේ බලාපොරොත්තුව සහිතව ඉන්දියාව සමග විස්‌සයි විස්‌ස තරගාවලියට මුහුණ දෙයි.

දෙරට අතර තරග තුනකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලියේ පළමු තරගය අද කට්‌ටක්‌ හිදී පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව.7.00 ට ආරම්භ වේ.

පසුගියදා නිමාවට පත්වු එක්දින තරගාවලියේදී පරාජය වුවත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරේරා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ අද දිනයේ ආරම්භ කරන විස්සයි විස්ස තරගාවලියෙන් ඉන්දියාව පරාජය කිරීමට අවශ්‍ය ශක්තිය තම කණ්ඩායම  තිබෙන බවයි.

‘එක්දින තරගාවලියේදී අපි පරාජයට පත්වුනත් පළමු තරගයෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඒවා ගොඩක් ධනාත්මක දේවල්..මේක අලුත් තරගාවලියෙක් ..අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා සාර්ථකව තරගාවලිය ආරම්භක කරන්න..අපිට ගොඩක් හොද දක්ෂ ක‍්‍රීඩකයින් සිටිනවා..හොද පන්දුයවන්නන්, ප‍්‍රහාරාත්මක පිතිකරුවන්..අපි අපේ උපරිමය කරනවා..මම තරුණ ක‍්‍රිඩකයින් පිළිබදව ගොඩක් විශ්වාසයෙන් ඉන්නේ..මම හිතන්නේ නෑ ඒ අයට පීඩනයක් තියනවා කියලා.මම දන්නවා ඒ අය ගොඩක් හොද මානසිකත්වයකින් ඉන්නේ..’

වැඩිදුරටත් අදහස් දක්වමින් තිසර පවසා සිටියේ උපුල් තරංගගේ ආරම්භයත් සමගින් තම කණ්ඩායමට පළමු තරගයේදී වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි බව තමන් විශ්වාස කරන බවයි ..

උපුල් පිතිකරණයේ තාක්ෂණික වෙනස්කම් ටිකක් කරල තියනවා..ඔහුගේ සාර්ථකත්වයට ප‍්‍රධාන හේතුව එයයි..මම ගොඩක් ස්තුති වෙනවා අපේ පිතිකරු පුහුණුකරුට ‘යයි තිසර පැවැසීය

කටාක් හි බරබාතී ක‍්‍රීඩාංගණයේදී මීට පෙර එක් විස්සයි විස්ස තරගයක් පවත් වා ඇති අතර 2015 වසරේදී දකුණු අප‍්‍රිකානුවන්ට එරෙහිව පැවැති එම තරගයේදී ඉන්දියානු කණ්ඩායම සියලු පිතිකරුවන් ලකුණු 92කට සීමාවිය.තරගය කඩුලු 06කින් ජයගැනීමට දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමත්වු අතර තරගයෙන් අනතුරුව ඉන්දියානු පේ‍්‍රක්ෂකයින් ක‍්‍රීඩාංගනයට ජල බෝතල් ප‍්‍රහාරද එල්ල කරන්න විය.

එකම වැරදි ගොඩේ එල්ලී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම තරගාවලියේදී හෝ එය හදා ගැනීමට සමත් වුවහොත් ඉතිහාසයේ පළමු වරට ඉන්දියාවේදි කුමන තරගාවලියක්‌ හෝ ජය ගැනීමේ වාසනාව ලැබෙනු ඇත.

වත්මන් විස්‌සයි විස්‌ස ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව අටවැනි ස්‌ථානයේ සිටින අතර ඉන්දියාව එහි පස්‌වැනි ස්‌ථානයේ පසුවේ. මෙම තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගත්තද ප්‍රසාද ලකුණු සටහනේ ස්‌ථානය එලෙසම පවතින නමුත් ඉන්දියාව ජය ගතහොත් සිව්වැනි තැනට පත්වේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here