අජන්ත මෙන්ඩිස්ගේ නායකත්වයේ ඉනිම ශ‍්‍රී ලංකා පිළ අවසන් මහා තරගයට ගෙන යයි(UPDATE)

665

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හී පැවැත්වෙන 2017 ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ලෝක ශූරතාවලියේ අවසන් පූර්ව තරගයෙන් දකුණු අප‍්‍රීකාවේ සී.ටී වොරියර්ස් කණ්ඩායම පරදවා ලකුණු 78ක විශිෂ්ට ජයක් හිමිකරගැනිමට අජන්ත මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් වෙනෝරා ශ‍්‍රී ලංකා පිළ අද(16) සමත් විය.ඒ අනුව වෙනොරා ශ‍්‍රී ලංකා කණ්ඩායම ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.

ජයග‍්‍රහණය සදහා ලකුනු 172 දැවැන්ත ඉලක්කයක් හඹා ගිය වොරියර්ස් පිතිකරුවන්ට පන්දුවාර 15ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුනු 93ක් පමණි.

එහිදී නායක ලුක් පීටර්සන් පන්දු 22කදී පහර 03ක් හා හතරේ පහර 03ක් සමගින් ලකුණු 42ක් රැස් කිරීමට සමත් වු අතර වොරියස් ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වු ගිවොන් ක‍්‍රිස්ටියන් හතරේ පහර 03ක් සමගින් ලකුණු 25ක් ලබා ගැනිමට සමත් විය.

පන්දු යැවීමේදී ජනක සම්පත් ලකුනු 31කට කඩුලු 03ක් දවා ගැනිමට සමත් වු අතර ජනිත් චතුරංග, හෂාන් රන්දික හා නුවන් රත්නායක එක් කඩුල්ල බැගින් බිද හෙලීමට සමත් විය.අජන්ත මෙන්ඩිස් සිය පන්දුවාර 04 ලකුණු 24 කට සීමා කළ අතර කඩුලු දවා ගැනීමට සමත් වුයේ නැත.

එහි පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා පිළ නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 171ක් රැස් කර ගැනීමට සමත්විය.

එහිදී ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කල නායක අජන්ත මෙන්ඩිස් නොදැවුණු ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 39කදී හයේ පහර 05ක් හා හතරේ පහර 04ක් සමගින් වේගවත් ලකුණු 73ක් රැුස් කර ගැනීමට සමත්වු අතර ලක්ෂාන් එදිරිසිංහ පන්දු 31කදී එක් හයේ පහරක් හා හතරේ පහර 04ක් සමගින් ලකුණු 50 රැස් කළහ

පන්දු යැවීමේදී අප‍්‍රිකවේ වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් Faiz Kippie පන්දුවාර 04 තුළ ලකුණු 21ක් ලබා දෙමින් කඩුලු 03ක් දවා ගැනීමට සමත් වු අතර Givon Christian ලකුණු 29කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

වෙනෝරා ශ5ී ලංකා පිළ මුල් වටයේ සහභාගී වු සියලු තරග ජයගනිමින් එම කාණ්ඩායේ පෙරමුණ ලබාගැනීමට සමත් වු අතර එහිදි ශ්‍රී ලංකා පිල විසින් පළමු වටයේදී මස්‌ට්‌ නෙවා කාකා පිල ලකුණු 65 කින්ද ටී.එµa.සී. පිල ලකුණු 66 කින් සහ මරීනා සී.සී. පිල ලකුණු 100 කින් පරාජය කිරීමට සමත් විය.

අදාළ ලෝක කුසලාන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැති ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ශූරතාවයේ ශූරතාව දිනූ කණ්‌ඩායම සහ තවත් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබයි. සාමාන්‍ය ක්‍රිකට්‌ නීති රීතිවලට වඩා වෙනස්‌කම් වලින් යුත් මෙම ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ආකෘතියට ලොව ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩකයන් රාශියක්‌ම සහභාගි වේ.

කණ්‌ඩායම් 48 ක්‌ මෙම තරගාවලිය නියෝජනය කරන  අවසන් පිතිකරුවාටද පන්දුවට පහරදිය හැකි ලෙස මෙම ක්‍රිකට්‌ තරග ආකෘතිය සකස්‌ කර ඇති අතර පන්දුවාර විස්‌සේ තරග ලෙස තරගාවලිය ක්‍රියාත්මක වේ.

වෙනෝරා ශ්‍රී ලංකා ලාස්‌ට්‌ මෑන් කණ්‌ඩායම

අජන්ත මෙන්ඩිස්‌ (නායක), ලක්‌ෂිත මධුෂාන්, හෂාන් රන්දික, ජනිත් චතුරංග, ලක්‌ෂ එදිරිසිංහ, හිමාෂ ලියනගේ, නුවන්ත රත්නායක, ජනක සම්පත්, ප්‍රභාත් ජයවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here