‘හතුරුසිංහට අභියෝගයක්’ ..ශ‍්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට අලුත් නායකයෙක් ..

1078

බංග්ලාදේශ ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ශකීබ් අල් හසන් නම් කර තිබෙනවා.ඒ, එළඹෙන බංග්ලාදේශ කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරය මුල්කර ගනිමින්.

නායකත්වය භාරගැනීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී සකීබ් අල් හසන් පවසා සිටියේ පසුගිය අවුරුදු කිහිපයෙහි ටෙස්ට් තරගවලින් ලැබුණු සාර්ථකත්වය ඉදිරියට පවත්වා ගෙන යාමට කටයුතු කරන බවයි.

ඒක අලුත් වගකීමක්..පසුගිය වසර කිහිපය තුළ අපි එංගලන්තය ඔස්ටේ‍්‍රලියාව හා ශ‍්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ජයග‍්‍රහණ වාර්තා කළා..මම උත්සාහ කරනවා ඒක වැඩිදියුණු කරගන්න..

2009 වර්ෂයේ සිටි 2011 වර්ෂය තෙක් ටෙස්ට් එක්දින හා විස්සයි විස්ස අකෘති තුනෙහිම නායකයා වශයෙන් සකීබ් කටයුතු කළත් එම කාලසිමාව තුළ ජයග‍්‍රහණය කිරීමට හැකිවුයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වු ටෙස්ට් තරගයක් පමනි.

ටෙස්ට් තරගාවලිය අපේ රටේ තියන නිසා අපිට ගොඩක් වාසියි.මොකද රටින් පිටදි ක‍්‍රිඩා කරද්දි ගොඩක්දුරට අපි සාර්ථක වෙලා නෑ.ඒක අපිට ගොඩක් හොද අවස්ථාවක්..අපේ ක‍්‍රීඩකයින් ගොඩක් දෙනෙක් මේ වෙලාවෙ දක්ෂතා අතර ඉන්න නිසා මේ පාර නායකත්වය ලබාදෙන එක ලේසියි..කණ්ඩායමේ අනෙක් ක‍්‍රිඩකයින් ගොඩක් හොදට ක‍්‍රීඩා කරනවානම් නායකයකුට තියෙන පීඩනය ගොඩක් අඩුයි..යැයි සකීබ් පැවසීය

බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන චන්දික හතුරුසිංහ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වය යටතේ ශ‍්‍රී ලංකා පිල තරග වදින පළමු ටෙස්ට් තරගාවලිය ද මෙය වනු ඇති.

හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමෙන් ඉවත්වීම හේතුවෙන් ක‍්‍රීඩකයින්ගේ මානසිකත්වයට බලපෑම් එල්ල වූ බව එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හුසේන්  ප‍්‍රකාශ කර තිබෙනවා.

ඔහු කියා සිටියේ එය ඉකුත් දකුණු අප‍්‍රිකානු සංචාරයේදී බංග්ලාදේශය ලැබූ දැවැන්ත පරාජයෙන් තහවුරු වූ බවයි. කෙසේ වෙතත් හතුරුසිංහ ඉවත්වීමෙන් පසු කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පත්කරන්නේ කවුරුන්දැයි බංග්ලාදේශය මෙතෙක් ස්ථීර තීරණයක් ගෙන නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here