‘ඔහුට එය ඉදිරියට ගෙන යා හැකියි’..නික් පෝතාස් ‘හතුරුසිංහ’ට සාර්ථකව යශ්ටිය භාර දෙයි..

1263

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමඟ එක්දින තරඟ මාලාව ආරම්භ කලේ ඉන්දියාවේ ක්‍රීඩකයන්ට පමණක් නොව ඉන්දීය ක්‍රීඩා ලෝලීනටද යම් චකිතයක් ඇති කරවමිනි.ආන්දෝලනාත්මක දිල්ලි ටෙස්ට් තරඟයේ දුම නිසා අසරණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එම දුම ආශ්වාස කර එක්දින තරඟාවලිය ආරම්භ වූ ධර්මශාලා ක්‍රීඩාංගනයේ ගින්දර ලෙසින් එම දුම පිට කල බව ඉන්දීය ක්‍රීඩා ලෝලියෙකු අපුරු සටහනක් වෙබ් අඩවියක සටහන් කර තිබෙනු දැකිය හැකි විය.

මෙම එක්දින තරඟයේ අවසානය සමඟ ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා මාද්‍ය වෙත පැවසුවේ මෙම තරඟයේ තම ප්‍රධානම වේගපන්දු යවන්නා වූ සුරංග ලක්මාල්ගේ පන්දු යැවීම විශිෂ්ට බවත් පන්දු යවන්නන් තම දායකත්වය 200% ලබාදීම නිසා ශ්‍රී ලංකාවට මෙම ජය ලබා ගැනීමට පහසු වුන බවය.එමෙන්ම තම ප්‍රධානම පිතිකරුවා වන උපුල් තරංග ඉතා හොඳ ඉනිමක් ක්‍රීඩා කල බවද තිසර මෙහිදී වැඩි දුරටත් පවසා තිබිණි.

තරඟයේ වීරයා බවට පත්වූ සුරංග ලක්මාල් තම සාර්ථකත්වය සහ තමාගේ ශාරීරික යෝග්‍යතාව වැනි සියල්ල පිටුපස සිටින තම පුහුණුකරුවන්ට තමන්ගේ ගෞරවය හිමිවන බව පැවසු අතර ලක්මාල් ඉන්දියානු තරඟාවලියේ ඉතා හොඳ පාලනයකින් පන්දු යවන අකාරය මේ දක්වා දැක ගන්නට ඇත.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ අද තරඟය ජය ගැනීමට තම පාසල් මිතුරා වන නව එක්දින නායක තිසර පෙරේරාට හොඳ සහයක් ලබා දුන් ඇන්ජලෝ මැතිව්ස් ද තරඟය අවසානයේ අදහස් දක්වා තිබුන අතර ඔහු පවසා තිබුනේ මෙම ජය සමඟ ශ්‍රී ලංකාව තරඟාවලිය පහසුවට ගතයුතු නැති බවත් තවමත් තරඟාවලිය ආරම්භ වුනා පමණක් බවත් තරඟාවලිය අවසන් වනතුරු මෙම සාර්ථකත්වය පවත්වාගත යුතු බවත්ය.එමෙන්ම ලක්මාල්ගේ පන්දු යැවීම අනෙකුත් පන්දු යවන්නන්ද අද්‍යනය කල යුතු බවත්,සීමිත පන්දුවාර තරඟ වල තමා පන්දු යැවීමට ඉදිරිපත්වෙන්නේ ඉතා කැමැත්තෙන් බවත් මැතිව්ස් පවසා තිබිණි.

මේ අතර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම දැන් හොඳින් සකස්වී ඇති බවත් නව පුහුණුකරුට (චන්දික හතුරුසිංහ) එය දැන් බාරදිය හැකි බවත් ශ්‍රී ලංකා තාවකාලික පුහුණුකරු නික් පෝතාස් පවසයි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති පළමු එක්දින තරගයෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව ඊයේ (10දා) ප්‍රකාශ කළේය.

“අපි බොහෝ දෙනෙක් ගැන සමීපව කටයුතු කළා. ඒ වගේම අපි සූත්‍රයට දැන් ආසන්නයි. එය ඉදිරියේදී සාර්ථක වේවි. අපි දැන් හොඳ තැනක ඉන්නවා. අපි මේ කණ්ඩායම හොඳින් සාදාගෙන තිබෙනවා.  දැන් අපට නව පුහුණුකරුට එය භාරදිය හැකියි. ඔහුට එය ඉදිරියට ගෙන යා හැකියි”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here