කාසිය වාසිය දිනු තිසරගෙන් ආන්දෝලනාත්මක තීරණයක්..

750

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ ආරම්භය සටහන් කරමින් තරග තුනකින් සමන්විත තරගාවලියේ ප‍්‍රථම තරගය අද පෙරවරු 11.30 ට අති සුන්දර ධරම්ශාලා නගරයේදී ආරම්භ වීමට නියමිතයි..

පිතිකරුවන්ට යෝග්‍ය තනතීරුවේ කාසිය වාසිය දිනු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරේරා තරගයේ පළමු පැය තුළ පන්දුයවන්නන්ගේ වාසිය ලබා ගැනීමේ අරමුණෙන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

පසුගියදා පාකිස්තානු කණ්ඩායම සමග පැවැති එක්දින තරගාවලියට ක‍්‍රීඩා නොකළ අසේල ගුණරත්න ,ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක  වැනි ප‍්‍රබලයින් කන්ඩායමට කැදවා ඇත.

ඉන්දියානු කන්ඩායම පිතිකරුවන් 06 දෙනෙක් එක් තුන්ඉරියව් ක‍්‍රිඩකයෙක්, වේග පන්දුයවන්නන් දෙදෙනෙක් හා දග පන්දුයවන්නන් දෙදෙනෙකුගෙන් සැකසි ඇත.

India (Playing XI): Shikhar Dhawan(c), Rohit Sharma, Shreyas Iyer, Manish Pandey, Dinesh Karthik, MS Dhoni(w), Hardik Pandya, Bhuvneshwar Kumar, Kuldeep Yadav, Jasprit Bumrah, Yuzvendra Chahal

Sri Lanka (Playing XI): Upul Tharanga, Danushka Gunathilaka, Lahiru Thirimanne, Angelo Mathews, Asela Gunaratne, Niroshan Dickwella(w), Thisara Perera(c), Sachith Pathirana, Suranga Lakmal, Akila Dananjaya, Nuwan Pradeep

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here