සති 02යි..දළ ඇතුන් 03යි.. තවත් දළ ඇතෙකුගේ ඉරණම අවසන් වෙයි..

394

ඝාතනය කරන ලද තවත් දළ ඇතෙකුගේ මළ සිරුරක් කැකිරාව අලගොල්ලෑව ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.

ඒ, රිටිගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින්.

පරිසරවේදීන් පවසන්නේ සති දෙකකට ආසන්න කාලයක් ඇතුළත ඝාතනයට ලක් වූ 3 වන ඇතා මෙම සත්වයා වන බවයි.විදුලිය යොදා ඝාතනය සිදුකර ඇතැයි සැක කෙරෙනවා. මෙම ඇතාගේ වයස අවුරුදු 15 ත් 20 ත් අතර බවයි විශ්වාස කෙරෙන්නේ.

දිගින් දිගටම මෙලෙස ඇතුන් ඝාතනයට ලක්වීම ඛේදනීය තත්ත්වයක් බවද පරිසරවේදීන් පැවසුවා.

මේ අතර ඉකුත්දා ඝාතනයට ලක් වූ දළ පූට්ටුවා නමැති හස්තියා වෙනුවෙන් මතක බණ ධර්ම දේශනාවක් ගල්ගමුව, උස්ගල, සියඹලංගමුව වැව පරිශ්‍රයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ, නෙත් එෆ් එම් රේඩියෝවේ සංවිධානයෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here