දුම්රිය “සීසන්” ලංගමටත් වලංගුයි..දුම්රිය වර්ජනයේ අලුත්ම තත්ත්වය

213

දුම්රිය වර්ජනය අවසන් වනතුරු දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය හිමි මගීන්ට ජාතික ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථ වල නියමිත ගමනාන්තය දක්වා නොමිලේගමන්කිරීමට අවස්ථාව හිමිව ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල්සිරිවර්ධන මහතා කියයි.

ගමනා ගමන මණ්ඩලයේ සියලුම ඩිපෝ වෙත මේ පිලිබඳව දැනුම් දී ඇතැයිද සමාන්‍යයෙන් දුම්රිය ධාවනය සිදු වු ගමනාන්තයන් වෙත ලගා වීමට හැකි ආකාරයට සහ එම ගමනාන්තයන්හි සිට කොළඹ බලා ඒමට අවශ්‍ය පරිදි බස් රථ ධාවන වාර වැඩි කිරීමට උපදෙස්ලබා දුන් බවද සභාපතිවරයා පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අාරම්භ කර අැති වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි. කෙසේ වෙතත් කාර්යාල සේවකයන්ගේ පහසුව සඳහා දුම්රිය කිහිපයක් ධාවනයේ යෙදවීය.

දුම්රිය වෘත්තී සමිත් සඳහන් කරන්නේ ජනපති හෝ අගමැති මැදිහත්ව විසඳුමක් ලබාදෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

දුම්රිය රියැදුරන් විසින් ආරම්භ කර ඇති දුම්රිය වර්ජනයට දුම්රිය ස්ථානාධිපතිවරු, දුම්රිය නියාමකවරු සහ දුම්රිය පාලකවරුද ඊයේ (7) මධ්‍යම රාත්‍රියේ සිට එක්වූහ.

දුම්රිය රියැදුරන් සහායකයින් බඳවා ගැනීමේ ක්‍රමවේදයට විරෝධය පළකරමින් දුම්රිය රියැදුරන් විසින් පෙරේදා (6) මධ්‍යම රාත්‍රියේ මෙම වර්ජනය ආරම්භ කළේය.

එම අවස්ථාවේදී සෙසු දුම්රිය වෘත්තීය සමිති එම වර්ජනයට සහාය නොදැක්වූ අතර, ඉන්පසු වැටුප් විෂමතාවත් නොවිසදීම යන නව ඉල්ලීමක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු තවත් දුම්රිය වෘත්තීය සමිති 3ක් ඊයේ (7) මධ්‍යම රාත්‍රියේ සිට එම වර්ජනයට එක්වූහ.

අදාළ වැටුප් විෂමතාව මුල්කරගනිමින් පසුගිය නොවැම්බර් මාසයේදීද දුම්රිය රියැදුරන් ඇතුළු ප්‍රධාන දුම්රිය සමිති 4ක් වර්ජනයක් ක්‍රියාත්මක කළ අතර එහිදී අග්‍රාමාත්‍ය ‍ලේකම්වරයා මැදිහත්වී සාකච්ඡාවක් ලබාදෙමින් අදාළ වැටුප් විෂමතාව විසඳාදෙන බවට එකඟතාවක් දුම්රිය වෘත්තිය සමිති වෙත ලබාදී තිබුණි.

සති දෙකක් ඇතුළත අදාළ වැටුප් විෂමතාව විසඳාදෙන බවට අග්‍රාමාත්‍ය ‍ලේකම්වරයා ‍පොරොන්දු වූවත් ඊයේ (7) දිනය වන විට එම සති දෙක ඉකුත්ව ගියත් සිය වැටුප් විෂමතාව විසඳා නොදීම නිසා දුම්රිය රියැදුරන්ගේ මෙම වර්ජනයට සමගාමීව මෙලෙස ඊයේ (7) මධ්‍යම රාත්‍රියේ සිට ඔවුන්ද දුම්රිය ධාවනයෙන් ඉවත් වූහ.

දුම්රිය රියැදුරන් පෙරේදා (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ දුම්රිය වර්ජනය නිසා ඊයේ (6) උදෑසන සහ පස්වරුවේ දුම්රිය මගීහු දැඩි අපහසුතාවට පත්වූහ.
සමස්තයක් ලෙස ඊයේ (6) දිනය තුළ දුම්රිය 58ක් පමණ ධාවනය කළ බවත් එවැනි දුම්රිය ප්‍රමාණයක් හෝ ධාවනය කළේ දුම්රිය මගීන්ගේ පහසුව ගැන සිතා බවත් දුම්රිය රියැදුරු සංගමයේ ‍ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවැසීය.

සාමාන්‍ය දිනකට දුම්රියයන් 350ක් පමණ ධාවනය වන අතර වර්ජනය නිසා එය දුම්රිය 58කට පමණ සීමා වීම මගී ඉල්ලුමට සාපේක්ෂව කිසිසේත් ප්‍රමාණවත් නොවීය.

දුම්රිය රියැදුරු සංගමයේ නිලධාරීන් හා ප්‍රවාහන අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා අතර වර්ජනය පිළිබඳව ඊයේ (7) දහවල් තීරණාත්මක සාකච්ඡාවක් පැවැති නමුත් එයද විසඳුමකින් තොරව අවසන් විය.

සිය ඉල්ලීම්වල ස්ථීර විසඳුම් ලැබෙන තුරු වර්ජනයට සහාය දෙන සියලු දුම්රිය වෘත්තීය සමිති සමග දුම්රිය වර්ජන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඉන්දික දොඩංගොඩ මහතා පැවැසීය.

මේ අතර දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගෙන තිබෙන දුම්රිය මගීන් හට එම වාර ප්‍රවේශපත්‍ර ඉදිරිපත් කර ශ්‍රී ලංගම බස් රථවල ගමන් කිරීමේ පහසුකම් සලසා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ඊයේ (7) පස්වරුවේ උපදෙස් ලබාදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here