ඌවේ කතා අදින් ඉවරයි/ UVA Election Propaganda ends tonight.

ballot-papers

ඌවේ කතා අදින් ඉවරයි/
UVA Election Propaganda ends tonight.

ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා දේශපාලන පක්‍ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම් වෙත දී තිබූ කාලය අද (17 දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

ඡන්ද විමසීම 20 වැනිදා පැවැත්වෙන බැවින් එදිනට පැය 48 කට පෙර සියලු ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු වෙයි.

අපේක්‍ෂකයන් විසින් ප්‍රදර්ශනය කර ඇති සියලුම බැනර්, කටවුට්‌, පෝස්‌ටර් හා ප්‍රචාරක පුවරු හෙට (18 වැනිදා) රාත්‍රි සිට ඉවත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා පොලිසියට උපදෙස්‌ දී තිබේ.

අද රාත්‍රියෙන් පසුව විද්යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් අපේක්‍ෂකයන් හෝ පක්‍ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ හෝ වෙනත් අපේක්‍ෂකයෙක්‌ හෝ පක්‍ෂයක්‌ අගතියට පත්වන ආකාරයට වාර්තා හෝ දැන්වීම් පළ කිරීමද තහනම් කර ඇත.

ප්‍රධාන පක්‍ෂවල අවසන් ප්‍රචාරක රැලි අද පැවැත්වේ. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය අවසන් රැලි සවස මහියංගනයේදී හා වැල්ලවායේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එක්‌සත් ජාතික පක්‍ෂයේ අවසන් රැලිය සවස බදුල්ල විල්ස්‌ පාර්ක්‌ ක්‍රීඩාංගණයේදී විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ජනතා විමුක්‌ති පෙරමුණ මොනරාගල හා බදුල්ල දිස්‌ත්‍රික්‌කවලදී අද කුඩා ජනහමු රැසක්‌ සංවිධානය කර තිබේ.

Election propaganda activities in view of the Uva Provincial Council elections will end at midnight today.

2 final rallies of the UPFA will be held today under the patronage of President Mahinda Rajapaksa, in Wellawaya and Mahiyanganaya.

The final rally of the UNP will be held at the Winspark ground in Badulla under the patronage of Opposition Leader Ranil Wickremesinghe.

Meanwhile, the JVP will hold their final rally in Ridee-maaliyedda in Mahiyanganaya.

General Secretary of the JVP Tilvin Silva stated that the rally will be held under the patronage of their party Leader Anura Kumara Dissanayake.