Author: admin

  • පක්ෂය ගොඩනැගීම වගේම රට රකින අභියෝගය භාරගන්න ඕනෑම අවස්ථාවක සූදානම්!

    පක්ෂය ගොඩනැගීම වගේම රට රකින අභියෝගය භාරගන්න ඕනෑම අවස්ථාවක සූදානම්!

    පක්ෂය ගොඩනැගීමේ අභියෝගය මෙන්ම රට රකින අභියෝගය ඕනෑම අවස්ථවක භාර ගන්නා අතර එයට නාමල් රාජපක්ෂ පමණක් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.ඒ, අද (08) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.එම අභියෝගය ජයගන්නේ කෙසේද යන්න පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ජා කරන බවයි රාජපක්ෂ මහතා කියා…

  • “මේ මාර්ගය නැත්නම් අනාගතයක් නැහැ” – ජනාධිපති

    “මේ මාර්ගය නැත්නම් අනාගතයක් නැහැ” – ජනාධිපති

    ආර්ථිකය ගොඩගැනීම සඳහා අනුගමනය කරන මාර්ගය හැර වෙනත් විකල්පයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (03) කොළඹ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, සහන දිය හැකි යැයි පවසන පිරිස් ඊට IMF සහයෝගය ලබාගන්නේ කෙසේද යන්න පැහැදිලි කළ යුතු බවය. “ශිල්ප අභිමානි” ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පැවැත්වුණේ…

  • ඉරානයේ එල්ලවූයේ ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැක

    ඉරානයේ එල්ලවූයේ ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැක

    ඉරානයේ Kerman නගරයේ Saheb al-Zaman නමැති පල්ලිය ආසන්නයේදී එල්ලවූයේ ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැකපළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 103ක් දක්වා ඉහළගොස් ඇති බවය. එසේම මේ වනවිට ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 141ක් දක්වා ඉහළගොස් ඇත.

  • විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩුකෙරේ

    විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩුකෙරේ

    ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩුකර තිබේ. මීට පෙර එය පැවතුණේ ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක් වශයෙනි. ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන්නේ අදාළ තීරණය ජනවාරි මස 02 වනදා සිට එළඹෙන 21 වනදා ක්‍රියාත්මක වන බවය.

  • ටෙස්ට් නායකත්වය ධනංජයට

    ටෙස්ට් නායකත්වය ධනංජයට

    ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වා පත්කළ බව ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. එක්දින පිලේ නායක කුසල් මෙන්ඩිස් ටෙස්ට් කණ්ඩායමේ උප නායකත්වයට පත්කළ බවත් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේදී එම දෙපළ නායකයා සහ උප නායකයා ලෙස කටයුතු කරන බවත්…

  • තලපති විජෙයි ලංකාවට

    තලපති විජෙයි ලංකාවට

    චිත්‍රපටයක රූගත කිරීමක් සඳහා තලපති විජෙයි ලංකාවට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. වෙන්කට් ප්‍රභූ අධ්‍යක්ෂණය කරනු ලබන මෙම අලුත් චිත්‍රපටය නම් කර ඇත්තේ Thalapathy 68 ලෙස බවයි වාර්තා වන්නේ. Yogi Babu, Prashan, Mohan, Prabhu Deva, Jayaram, Ganesh, Ajmal Ameer, Vaibhav, Premjee, Sneha, Laila මේ සඳහා රංගනයෙන් දායකවන බව ද සඳහන්. Kalpathi S Agoram විසින්…

  • ළමුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තියේ ඉහළ යාමක්

    කුඩා දරුවන් අතර මේ දිනවල ශ්වසන රෝග කිහිපයක් පැතිරයමින් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. පරීක්ෂාවලට ලක්කළ ළමුන් අතරින් බහුතරයට ඉන්ෆ්ලුවෙන්සාක වෛරසය වැළදී ඇති බවට හඳුනාගෙන ඇති අතර කොවිඩ් රෝගීන් දෙදෙදෙනෙකු ද හඳුනාගෙන ඇති බව ඔහු පවසයි. “පසුගිය දින කිහිපය තුළ දී දරුවන් අතර, ඉහළ ශ්වසන මාර්ගයේ, රෝග කිහිපයක් පැතිරුණා. විශේෂයෙන්ම…

  • ලොව පුරා පැතිර යන කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ඇත්දැයි සැකයක් – වෛද්‍ය අංශ සීරුවෙන්

    ඉන්දියාව, බි්‍රතාන්‍ය ඇතුලු ලොව පුරා රටවල් රැසක සීඝ්‍රයෙන් පැතිර යමින් ඇති ඔමික්‍රෝන් ඛාණ්ඩයේ නව කොවිඩ් ප්‍රභේදය මෙරට ප්‍රජාව තුළ පවතින බවට තමන් අනුමාන කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ ශෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. පසුගිය කොරෝනා සමයේ කොවිඩ් වෛරසය පැතිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ රැසක් සිදුකළ ප්‍රධානතම පර්යේෂකයාවූ මහාචාර්ය චන්දිම…

  • විදුලි බිල ගැන රජයෙන් තීරණයක්

    ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුකරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ අනුව විදුලි බිල සංශෝධනයේදී වැඩිකළ ගාස්තු ප්‍රමාණය අඩුකළ හැකි බව විදුලිබල මණ්ඩලය අමාත්‍යාංශය වෙත දැනුම්දී ඇති බව වාර්තාවෙයි. වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවතීම හේතුවෙන් උපරිම ධාරිතාවයෙන්…

  • භාණ්ඩ 10ක මිල පහළ ට

    එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස විසින් භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ. එම මිල අඩුකිරීම් අද (15) සිට දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි. සතොස කිරිපිටි මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි නව මිල 940කි. ආනයනික ටින් මාළු ග්‍රෑම් 425 මිල රුපියල් 55කින් අඩුකර ඇති අතර…